අතුරුදහන් වී තිබී හමුවූ ලොව පළමු ෂර්ලොක් හොම්ස් චිත්‍රපටය

 

ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක යනු 1900 දී ආතර් මර්වින් නම් සිනමාවේදියා විසින් නිපද වූ ඉතා කෙටි ඇමෙරිකානු නිහඩ චිත්‍රපටය කි. මෙම ‘ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක’, සර් ආතර් කොනන් ඩොයිල් ගේ රහස් පරීක්ෂක චරිතය වන ෂර්ලොක් හොම්ස් තිරයට හඳුන්වා දෙන ප්‍රථම චිත්‍රපටය යි. චරිතයේ අන්තර්ගතය, එය ප්‍රථම පටිගත කල රහස් පරීක්ෂක චිත්‍රපටය බවට පත් කරන ලදී. චිත්‍රපටියෙහි, සිතැගි පරිදි පෙනී සිටීමට හා නොපෙනී යාමට හැකි සොරෙක් ෂර්ලොක් හෝම්ස්ගේ භාණ්ඩ පැසක් සොරකම් කරයි. සෑම විටම බලෙන් ඇතුල්වෙන්නා වැළකීමට හෝම්ස් කල උත්සාහයන් අවසානයේදී ව්‍යර්ථ වේ.

පටන්ගැනීමේදී මෙය පෙන්වන ලද්දේ ආකේඩ් මුටෝස්කෝප් යන්ත්‍ර වලය. ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක හි ධාවන කාලය තත්පර 30 කි. 1900 දී නිෂ්පාදනය වු නමුත් එය ලියාපදිංචි වුනේ 1903 දී ය. ඒබව දැක්වෙන හිමිකාරිත්ව සටහන ඇතැම් පිටපත් වල දක්නට ලැබිණ. පළමු දර්ශන වල හෝම්ස් සහ ප්‍රතිතිවාදියාගේ අනන්‍යතාවයන් පටිගත නොවින. වර්ෂ ගණනක් සොයාගැනීමට නොහැකි වී තිබූ චිත්‍රපටිය 1968 දී පත්‍ර මුද්‍රණයක් ලෙස කොන්ග්‍රස් පුස්තකාලයේ දී නැවත සොයාගත හැකි විය.

තමන්ගේ චිත්‍ර කාමරයට ඇතුල් වෙන ෂර්ලොක් හෝම්ස් එය මංකොල්ලකෑමට ලක්වූ බව දැන ගන්නා නමුත් සොරා (දුෂ්ටයා) දුටු සැනින් අතුරුදන් වීම නිසා ඔහු පුදුමයට පත්වෙයි. දුම්වැටියක් දැල්වීම මගින් සිද්ධිය නොසලකා හැරීමට හෝම්ස් මුලින් උත්සාහ කල නමුත් සොරා නැවත මතුවීමත් සමග හෝම්ස් තම සොරකම් කරන ලද භාණ්ඩ පැස බේරාගැනීමට උත්සාහ දරයි. තමන් ඇඟලූ ගවුමේ සාක්කුවෙන් පිස්තෝලය ගෙන අනවසරයෙන් ඇතුල් වූ සොරාට වෙඩි තැබූ නමුත් ඔහු අතුරුදන් වෙයි. හෝම්ස් තමන්ගේ භාණ්ඩ පැස ආපසු ලබා ගැනීමෙන් පසුව, ඔහුගේ අතේ තිබූ පැස අතුරුදන් වේ. එය ජනේලයෙන් අතුරුදන් වු සොරාගේ අතෙහි දක්නට ලැබේ. මේ මොහොතේදී චිත්‍රපටිය හිටිහැටියේම අවසන් වේ. අවසන් රූපරාමුව, හෝම්ස් “පටලැවිල්ලකට” ලක්වූ ලෙස බලා සිටින රූපරාමුවකි.

චිත්‍රපටිය නිර්මාණය කරන ලද්දේ ඇමරිකානු මුටෝස්කෝප් සහ බයෝග්‍රාෆ් සමාගම විසිනි. 1894 දී හර්මන් කැස්ලර් විසින් පේටන්ට් බලපත්‍රය හිමි කර ගත් මූලික චලන රූප යන්ත්‍රයක් වන මුටෝස්කෝපය මගින් එය තිරගත කිරීමට ඔවුන් අදහස් කරන ලදී. තෝමස් එඩිසන් ගේ කයිනිටෝස්ක්පය මෙන් මුටෝස්කෝපය තිරයක් මතට ප්‍රක්ෂේපනය නොකෙරිණ. එමෙන්ම එක වෙලාවකට නැරඹිය හැකි වූයේ එක් පුද්ගලයෙකුට පමණකි. ඇමෙරිකානු මුටෝස්කෝප ආයතනය විසින් නිපදවන ලද පද්ධතිය, කයිනිටෝස්කෝපයට වඩා ලාභදායි හා සරල වු නිසාම වෙළෙඳපොළේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ඔවුන්ගේ “පීප් ෂෝ” ව්‍යාපාරයට හැකි විය.

මුටෝස්කෝපය ක්‍රියාත්මක වන්නේ රූප රාමු අන්තර්ගත පොතක් පෙරලන විට චලන රූ මැවෙන ආකාරයට සමාන සිද්ධාන්තයකටය. තනි රූප රාමු පිටපත් කල සුනම්‍ය කාඩ්පත්, වෘත්තාකාර මධ්‍යයට සම්බන්ධ කර ඇති අතර පුද්ගල ක්‍රියාකාරී අත් අඬුවකින් එය කරකවනු ලැබේ. බයෝග්‍රාෆ් ආයතනයේ ප්‍රාරම්භක සාමාජිකයෙක් මෙන්ම ආතර් මර්වින් ගේ සහෝදරයා වන හෙන්රි විසින් එම මැෂිම තුල විදුලි බල්බ වලින් දල්වන ලද කාඩ්පත් පද්ධතිය යෙදුවේ ය.මෙම යන්ත්‍රවල ක්‍රියාකාරිත්වය, ආරම්භයේදී පරාවර්තිත ස්වභාවික ආලෝකය මත පැවතුනි.

එඩිසන්ගේ පේටන්ට් බලපත්‍රය උල්ලංඝණය කිරීම වැළැක්වීමට, 1895 සිට 1902 අතර කාලයේ බයෝග්‍රාෆ් කැමරා සඳහා භාවිතා කලේ අඟල් 2-23/32 (මිලිමීටර් 68) පළල සහ රූප වපසරිය අඟල් 2 × 2½ වූ විශාල සේයා තිර පටලයන්ය. මෙය එඩිසන්ගේ මිලිමීටර් 35  ආකෘතිය මෙන් 4 ගුණයක් විය. බයෝග්‍රාෆ් තිර පටල, සිදුරු කළ ඒවා නොවේ; තිර පටය තත්පරයකට රාමු 30 කට නිරාවරණය වන විට, කැමරාව විසින් එහි දෙපස තීරය දැති රෝදයක ඇති සිදුරු මගින් සිදුරු කරනු ලැබේ. “ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක” මීටර් 86.56 ක දිගක් සහිතව, තත්පර 30 ක ධාවන කාලයක් පුරාවට තිරගත වෙයි. (මුටෝස්කෝපයක කරකවන අත් අඬු ගියරයක නිසා ගතවන කාලය වෙනස් විය හැකියි.)

“ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක” හි අධ්‍යක්ෂක හා සිනමා යාන්ත්‍රිකයා වූ ආතර් මර්වින් (1859 මැයි - 1911 ජනවාරි 18) බයෝග්‍රාෆ් හි කාර්යමණ්ඩල කැමරා ශිල්පියෙකුද වෙයි. 1897 සහ 1911 අතර කාල වලදී කෙටි චිත්‍රපටි 418 කට වඩා ප්‍රමාණයක්, එවකට විවිධ ප්‍රසංග රූගත කරන්නෙකු ලෙස නම් දරා සිටි මර්වින් විසින් නිම වන ලදී. අනතුරුව ඔහු, ඩි. ඩබ්. ග්‍රිෆිත් ගේ මුල්ම නිහඬ චිත්‍රපටි වල කැමරා ශිල්පියෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වෙයි. පළමු දර්ශන වල හෝම්ස් සහ ප්‍රතිවාදියාගේ අනන්‍යතාවයන් පටිගත නොවින.

1903 ට පෙර බයෝග්‍රාෆ් චිත්‍රපටි වලට බොහෝදුරට සත්‍ය සිදුවීම් (සැබෑ පුද්ගලයින්, ප්‍රදේශ හා සිද්ධි පිලිබඳ වාර්තා වැඩසටහන්) පදනම් විය. පළමු යුගයේ බයෝග්‍රාෆ් ප්‍රහසන වෘතාන්ත චිත්‍රපටියකට, නිව්යෝර්ක් නඟරයේ පුළුල් මාවතක උඩුමහල් ස්ටුඩියෝවක රූප ගත කෙරුනු “ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක” උදාහරණයක් වෙයි. ක්‍රිස්ටෝපර් රෙඩ්මොන්ඩ්ගේ “ෂර්ලොක් හෝම්ස් අත්පොත”ට අනුව චිත්‍රපටිය රූගත කෙරුනේ 1900 අප්‍රේල් 26 වන දිය. ජුලී මැක්කුරස් කියා සිටින්නේ චිත්‍රපටිය ප්‍රදර්ශණය කිරීම ඇරඹියේ එම වර්ෂයේ මැයි මස බවයි. ප්‍රචාරණ කටයුතු තිබියදීත්, “ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක” ලියාපදිංචි වුනේ 1903 පෙබරවාරි 24 දිනයේ දී වන අතර එම දිනය චිත්‍රපටියේ ප්‍රකාශන හිමිකම් කාඩ්පතේ ද දක්නට ලැබේ. මෙහි ලියාපදිංචි දිනය ලෙස 1905 දිනයක් යෝජිතව තිබුනේ විටාග්‍රාෆ් චිත්‍රපටියක් වන ෂර්ලොක් හොම්ස් වීර වික්‍රම-කප්පම් ගැනීමට රැඳවීම, චිත්‍රපටියද, 1905 දී තිරගත වීමෙන් ඇතිවූ ව්‍යාකුලතාවය නිසාය.

අවුරුදු කීපයක් පුරාවටම චිත්‍රපටිය නැතිවී ඇතැයි සැලකුනි. 1968 දී කොන්ග්‍රස් පුස්තකාලයේ පත්‍ර මුද්‍රණ ලේඛනාගාරයේ තිබියදී සොයා ගත් මෙම පත්‍ර පිටපතේ හිමිකාරිත්වය මයිකල් පොයින්ටර් නම් ෂර්ලොක් හෝම්ස් චිත්‍රපටි සම්බන්ධ ඉතිහාසඥයෙක් සතුය. 1912 තෙක් හිමිකම් නීති මගින් චලන රූප පද්ධති ආවරණය නොවූ නිසා, ඔවුන්ගේ වැඩ ලියාපදිංචි කිරීමට චිත්‍රාගාරය විසින් පත්‍ර මුද්‍රණ ඉදිරිපත් කරන ලදී. මෙම පත්‍ර මුද්‍රණ, චිත්‍රපටියේ හා සමාන දිග හා පළල ඇති ආලෝක සංවේදී පත්‍ර මගින් සාදා තිබුණු අතර, නිශ්චල චායාරූප ලෙස මුද්‍රණය කර තිබුණි. එඩිසන් සමාගම සහ බයෝග්‍රාෆ් සමාගම සියලු චලන රූප, පත්‍ර මුද්‍රණ ලෙස ඉදිරිපත් කල නිසාම ඒවා දිගු කලක් සුරැකිව පැවතුනි. චිත්‍රපටිය පසුව කොන්ග්‍රස් පුස්තකාලයේ මිලිමීටර් 16 චිත්‍රපට එකතුවට මාරු කරනු ලැබීය.

“ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක” හි කතා වස්තුව, සර් ආතර් කොනන් ඩොයිල් ගේ ශාස්ත්‍රීය ෂර්ලොක් හොම්ස් කතන්දර වල ආකෘතියට නොගැලපේ. “ෂර්ලොක් හෝම්ස්” චරිත නාමය මහජනයා අතර ප්‍රසිද්ධ වීමට යොදාගත් උපක්‍රමයක් පමණක් ලෙස මෙය හැඳින්විය හැක. “ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක” වේදිකාවේ එක් දිශාවකින් පමණක් රූගත කර ඇත. එහි මූලික අරමුණ, රඟ දැක්වීමේදී මූලික චිත්‍රපටි ප්‍රයෝග සහ චිත්‍රපට සංස්කරණ උපක්‍රම යෙදීමයි. විශේෂයෙන්ම ඊට අවුරුදු 4 කට පෙර, එනම් 1896 දී, ප්‍රංශ අධ්‍යක්ෂකයෙකු වූ ජෝර්ජ් මිලී විසින් මුලින්ම සොයාගත් නතර කිරීමේ ප්‍රයෝගය ප්‍රථම වරට යොදාගත්තේ මෙම චිත්‍රපටියේයි.

“ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක”, විනෝදකාමී චරිත සඳහා ඇති ජනතා නැඹුරුව නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රාථමික චිත්‍රපටි නිපදවන්නන් විසින් යොදාගත් අතර, එහිදී අති රහස් පරීක්ෂක ශුරතාවයක් ඇති හෝම්ස් සැහැල්ලු ඇඳුමකින් අපිළිවෙළට සැරසීම මෙන්ම ගෙවල් බිඳින්නෙක් නිසා ‘’අන්දමන්ද’’ වුනු අන්දම ඔහුගේ ශාස්ත්‍රීය රහස් පරීක්ෂක නාමයට පටහැනි වේ. විලියම් කේ. එවර්සන් තම “චිත්‍රපට රහස් පරීක්ෂකයා” නම් පොතෙහි සඳහන් කර ඇත්තේ “ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක” අනෙක් නිහඬ රහස් පරීක්ෂක චිත්‍රපටිය සමග පොදු බවයි. “දීර්ඝ ප්‍රශ්න කිරීම් හෝ වාචික බාධා කිරීම් රහිත බැවින් මවාපෑම් හා භෞතික ක්‍රියාකාරකම් සඳහා වැඩි අවදානයක් යෙදී ඇත”. කොනන් ඩොයිල්ගේ චරිතය දැඩි ලෙස ආදේශ කරගැනීමට 1916 දී විලියම් ගිලට් ගේ “ෂර්ලොක් හොම්ස්” උත්සාහ දරා ඇත. මයිකල් පොයින්ටර් යෝජනා කලේ “ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක”හි නිර්නාමික රංගන ශිල්පියාගේ හැඩරුව සහ ඇඳුම්, ගිලට්ගේ වේදිකා නිරූපිත හෝම්ස් අනුකරණය කිරීමක් බවයි. 1899 නොවැම්බර් 6 දින ගිලට්ගේ “ෂර්ලොක් හොම්ස්” නාට්‍ය‍ය ගැෆික් රඟ ශාලාවේදී තම ප්‍රථම දර්ශනය රඟ දක්වන ලදී.

1968 දී මයිකල් පොයින්ටර්ගේ වාර්තා වල සඳහන් වන්නේ, එය මුටෝස්කෝපයක හෝ පිප් ෂෝ යන්ත්‍රයක පෙන්විය හැකි සේ තැනූ පැහැදිලි ප්‍රාථමික ප්‍රයෝග චිත්‍රපටියක් බවයි. ඉතා සුළු කොටසක් වුවද, එය චලන රූප සඳහා ප්‍රථම වරට ෂර්ලොක් හෝම්ස් යොදා ගැනීම හේතුවෙන් ඉතිහාස ගතවේ. ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ පළමු කතාව ලෙස මෙන්ම චරිත අන්තර්ගතය නිසා රහස් පරීක්ෂක චිත්‍රපටි සඳහා වූ පළමු ප්‍රකට නිදසුන බවටද මෙය පත්වේ. ෂර්ලොක් හෝම්ස්, සිනමා ඉතිහාසයේ දී අති සාර්ථක රංග චරිතයක් ලෙස ප්‍රකාශයට පත් වී ඇත.

ලිපිය වටිනවා කියලා හිතෙනවා නම් පහල තියෙන සමාජ ජාල වලින් තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ඒ වගේ ම පහළින් අපේ බ්ලොග් අඩවිය ෆලෝව් කරලා කමෙන්ට් එකකුත් දාන්න.

- 221 බී ෂර්ලොක් / 221 B Sherlock-

Post a Comment

0 Comments