ගණිකාවන් බවට පත්වන 20 ට අඩු කාන්තා මළ සිරුරු


ලංකාවේ බොහෝ මල්ශාලා වලට වයස 20ට අඩු මිනී එන්නේ සතියකට එකක් නැත්නම් දෙකකි..ඊට වැඩියෙන් එන දවස්ද නැත්තේද නැත...මෙසේ එන මල මිනී වල කාන්තා තරුණ මල මිනී වලට බොහෝ ඉල්ලුමක් ඇත...

එය මා මාගේ අත්දැකීමක් ආශ්‍රයෙන් විස්තර කරමි..!

මාගේ සීයාගේ දේහය එම්බාම් කල මල් ශාලාවේ පුද්ගලයින් දෙදෙනෙක් මාගේ සීයාගේ දේශය රැගෙන ආ අවස්ථාවේ ඔහු මා හට පැවසූ දෙයින් මා කම්පනයට පත් වූවා ඒ යම් පුද්ගලයින් මල සිරුරු සමඟ ලිංගික සංසර්ගයේ යෙදීමයි...

මා එම සිදුවීම් තවත් විමර්ශනය කලා ඒ අතර තුර දී මා හට හමුවුනා මල්ශාලාවක වසර 25ක් එම්බාම් කල වයස 65ක පමණ පුද්ගලයෙක්  මා ඔහුට මඳක් සමීප වී මෙම සිදුවීම් ඔහුගෙන් ප්‍රශ්න කලා..!

එම්බාම් කරන පුද්ගලයා :  ඔව් මල්ලි ඒක ඇත්ත කතාවක් මට මිනී කපල එම්බාම් කරන්න පුලුවන් ඒත් මට ඒ මිනිස්සු හැසිරෙන විදිහ බලන් ඉන්න බෑ...

මම : ඒ කිව්වේ

එම්බාම් කරන පුද්ගලයා : මේ ලඟදි දවසක් මිනියක් ගෙනාව එතකොට මම ගෙදර හිටියේ මහත්තයා හදිස්සියේම කිව්ව ඉක්මනට ඇවිල්ල වැඩේ කරල දෙන්න කියල ඒ මිනිස්සුන්ට හදිස්සි කියලා මම කෑම කකා හිටියේ මම කෑම එකත් දාලා ඉක්මනට මල්ශාලාවට දුවගෙන ආවා...මහත්තයා මට සල්ලිත් දීලා ගෝලයාවයි ඩ්‍රයිවර්වයි තියල ගියා... 

වැඩක් කරන්න කලින් පොඩ්ඩක් ඇඟට දාගන්න එක මගෙ පුරුද්දක් මල්ලි මම බාර් එකට ගියා ගල් කාලක් අරන් එන්න මම එනකොට ඩ්‍රයිවරුයි ගෝලයයි මල්ශාලාව ඉස්සරහම මාව නවත්තගත්තා...

මම : ඒ ඇයි..

එම්බාම් කරන පුද්ගලයා : මුන්දෙන්නා පුරුදු විදිහටම මිනිය විකුනලා රුපියල් 1000ක් අරන් මටත් 500ක් දික් කෙරුවා.. 

මම : ඒ කියන්නෙ මිනිය විකුනලාද කවුද මැරිල හිටියේ මොනව වෙලාද...

එම්බාම් කරන පුද්ගලයා : මැරිල හිටියෙ ඔලුවේ ලේ කැටියක් හිර වෙලා මැරුන වසය 18ක විතර ගෑනු ලමයෙක්...

මම : ඊටපස්සෙ මොකද වුනේ...

එම්බාම් කරන පුද්ගලයා : මම ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ  මල්ලි අතේ සතේ නෑති දවස් වලට මාත් ඔය වැඩේ කරනවා හැබැයි පොඩි ගෑනු ලමයිව දෙන්නෙ නෑ...  

මම : කාව දුන්නත් වැඩේ වැරදි නේ...

එම්බාම් කරන පුද්ගලයා : ඒක මාත් දන්නවා මල්ලි මොනව කරන්නද ඉතින් සල්ලි දික් කරපුවාම අපිත් අහුවෙනවා මල්ලී..

මම : හරි හරි ඉති මොකද වුනේ ඊට පස්සේ..

එම්බාම් කරන පුද්ගලයා : මල්ලි මේ උඹ රෙකෝඩ් කරනව එහෙම නෙවෙයි නේද...

මම : නෑ නෑ පිස්සුද අයියේ...

එම්බාම් කරන පුද්ගලයා : හරි මල්ලි විශ්වාසෙට කියන්නෙ මම හරිද..

මම උන් දෙන්නවත් තල්ලු කරන් ඇතුලට ආවා මම ඇතුලට එද්දි දැක්ක දෙයින් මට කලන්තෙ හැදුනා මල්ලී..

( දාඩිය පිසදමමින් ) ඒ මිනිහා ඒ මිනිය උගේ කටින් ලෙවකනවා ඒ ගෑණු ලමයගෙ තොල් හිටන් ලෙවකනවා මේ මැරිලා පැය ගානක් තිබ්බ මිනියක්..

මම : අම්මෝ ඊට පස්සේ...

එම්බාම් කරන පුද්ගලයා : මම හොරෙන් දොර අස්සෙන් බලන් හිටියා මූව එලවන්නත් මට බයයි දැන් මූ වියරුවෙන් වගේ මල්ලි ඒ මිනිය ඒ අතට පෙරලනවා මේ අතට පෙරලනවා ඒ ගෑණු ලමයගෙ කොන්ඩෙ අතින් පීර පීර මූන දිහා බලාන ඉන්නවා...

දෙන්න තියන දස වද ඔක්කොම මූ මිණියට දුන්නා මම ඉක්මනට ගියා කවදාවත් නැතුව මම වමනෙට ආවා...මල්ලි ඔයාට තේරෙනව නේද අපි උයන්නෙ නැති හාල් මැස්සෙක්වත් නහයට ගන්නෙ නැනේ නේද...

මම : එතකොට පවුලෙ අය නැද්ද...

එම්බාම් කරන පුද්ගලයා : නෑ මල්ලි ඒ මිනිස්සු කෝල් කරනවා මිනිය දැන් ගේනවද අහනවා මටම දුකයි කාගෙ හරි දරුවෙක්නේ.. 

ඔන්න මල්ලි ඔහොම පැයක් විතර ගියා මම හිතුව මූ දැන් යන්නත් ඇති නේද කියල මම ගියා නෑ මූ ඉන්නවා මූ එම්බාම් ලෑල්ලෙ නිදාගෙන මිනිය ඇඟ උඩ තියාගෙන බලන්න අප්පිරියයි මල්ලි...

ඔහොම පැය දෙකකින් විතර මූ ගියා මම එම්බාම් එකට ගියා මූ ඇඟිල්ලක් අඹරල මල්ලි ඒ තරම් වියරුවක්...

මම : ඊටපස්සෙ මොකද කෙරුවෙ හැදුවද ඒක..

එම්බාම් කරන පුද්ගලයා : ඔව් මල්ලි පපුවෙ පිටේ කලවගෙ තට්ටම් වල දත්පාරවල් ඒවා ඇඳුම ඇන්දුවාම පේන්නේ නෑනේ...

මා මේ පිලිබඳ තවත් සෙවීමේදී මට තොරතුරු හමුවුනා මේ මානසික තත්වය Necrophilia නැමති මානසික රෝගය බවයි..

මෙම Necrophilia මානසික රෝගයෙන් 

මුළු සංඛ්‍යාවෙන් 92% ක් පිරිමින් වන අතර 8% ක් කාන්තාවන් වේ...ලෝකයේ Necrophilia මානසික රෝගීන් බොහොමයක් මෘත ශරීරාගාර සේවකයින් සුසාන භුමි සේවකයින් වඩාත් පොදු රැකියා වේ ඔවුන් අන් අය විසින් ප්‍රතික්ෂේප කරනු ඇතැයි ඉතා බිය වන අතර ඔවුන් ප්‍රතික්ෂේප නොකරන ලිංගික සහකරුවෙකු අපේක්ෂා කරයි...තවද Necrophilia  මානසික තත්වය ඇති අය දුර්ලබයි... 

(අයිතිය මුල් කතෘ සතුය..)


________________________________________________

සමාජය පුදුමාතරම් විෂමයි...ප්‍රාණය නිරුද්ධව ගිය දර ලීයක් වන් කිසිත් නොමැති දරදඬු මිනියකින් පවා කම්සැප සොයන පාපතරයින් මරණයෙන් පසු කොහේ ඉපදේවිද...ඒ විපාක එලොවදී නොව මෙලොවෙදීම පටිසන් දීම නියතයි...ජීවත්ව සිටියදීත් ගැහැණියකට නිදහසක් නොමැති ලෝකයේ මරණයෙන් පසුවත් ගැහැණියකට නිදහසක් නොමැති වීම අඩුම තරමේ කෙසේද ගැහැණියක් නිදහසේ මියයන්නේ...ලිපිය කියවන විටදි පවා දැනෙන්නේ පිලිකුලක් නමුත් හිතට හයිය ගෙන කියවිය යුතුම ලිපියක්...

උපුටා ගැනීමකි

Post a Comment

0 Comments