BDSM නොහොත් ලිංගික වහල්භාවය


“BDSM” කියන අකුරු හතර දැක්ක ගමන් අපිට මතක් වෙන්නේ Porn sites වල අපි බලපු BDSM විඩියෝ ගැන. අපිට බයක් වාගේම එතනින් කුතුහලයක් ජනිත වෙනවා.

ඇත්තටම මේ අකුරු හතරේ තේරුම මොකක්ද ?මෙයට නිධාන කතාවක් තියෙනවා ද? මෙය මානසික ලෙඩක් ද? හුදෙක්ම ලිංගික සංසර්ගයක් ද? ශාරීරික හානි සිදුවෙනවා ද? ඇත්තටම මොකක්ද මෙක...

 B-Bondage - වහල්බාවය

 D-Discipline / Dominance - ආත්මදමනය / ආධිපත්‍ය

 S- Sadism / Submission - පරපීඩකත්වය / අවනතභාවය

 M-Masochism - ස්වපීඩකත්වය

 මෙම අකුරු සතර දිග හැරි විට එහි අරුතවන්නේ මෙයයි. (වහල්භාවය, ආධිපත්‍යය , අවනතභාවය, ස්වපීඩකත්වයයි හෙවත් එකාධිපති ස්වරූපය)

මෙහි ඉතිහාසය ගතහොත් අප දන්නා පැරණිම ශිෂ්ධාචාරයක් වූ මෙසපොතේමියානු ශිෂ්ටාචාරය (4000 BC – c. 3100 BC) දක්වා දිවයයි. එකල්හි මිනිසුන් විසින් ඇදහූ සශ්‍රීකත්වයට අදිපති වූ Inanna නම් දෙවඟනක් විය. එමෙන්ම ඇය ස්වර්ගයේ රැජින ලෙසද සැලකීය. ඇගේ දේවත්වය ආදරය, ලස්සන, ලිංගිකත්වය, යුද්ධය, යුක්තිය සහ දේශපාලන බලයට සම්බන්ධ බව ඔවුන් සැලකීය. ඇය එතරම්ම බලවත් දෙවඟනක් විය. මෙම දෙවඟන ඇගේ යටත් වැසියන් ලිංගිකව ප්‍රබෝධමත් වෙන තෙක් කස පහර එල්ල කරන බවත්, එමෙන්ම ඇය විසිතුරු ස්වර්ණාභරණයෙන් සැරසී යටත් පිරිසව ලිංකත්වය උද්දීපනය වන නර්ථනයන්ට පොළබවා අවසානයේ ලිංගිකව එකතු වෙන තෙක් කස පහර එක් කරන බවත් එකල මිනිසුන් විස්වාස කොට ඇත.

මෙසපොතේමියානු යුගයෙන් පසුවත් ඉතිහාසය පුරාම මෙම BDSM ගැන ඕනෑතරම් සටහන් ඇත. කෙසේ නමුත් මෙයින් බලාපොරොත්තු වන්නේ සංසර්ගයම නොවන අතර මෙහිදි කාමුක මනාපයක් සිදුවේ.මෙය පුද්ගල සබදතා අනුව වෙනස් වන නමුදු ප්‍රධානතම අරමුණ වන්නේ අනෙකා සතුටු කිරිමයි. මෙය විශ්වාස මත පදනම් වු ලිංගිකත්වයේ එක් පැත්තක් පමණි. මෙය දෙදෙනාගේ එකඟත්වය, විශ්වාස,තෘප්තිය ,ආදරය, අනෙකාව සතුටු කිරීමේ වුවමනාවන් අරමුණුකොට ගත් එක්තරා ලිංගික පැතිකඩක් පමණි.

මේ ගැන කතිකා කිරිමේ දී හා සිතිමේ දී අපට හැගෙන්නේ මහත් අමානුෂික ක්‍රියාවලියක් නැතහොත් මානසික විකෘතිතාවයක් නිසා BDSM හී ‍යෙදෙන බවයි.නමුත් එය එසේ නොමැති බව අද වෙනවිට සාක්ෂාත් වී හමාරය.

එමෙන්ම මානසික අබාධ පිළිබඳ රෝග විනිශ්චය අනුව එහි 5 වන සංස්කරණය (2013 වර්ෂයේ දී) නිකුත් කිරිමට පෙර මෙයට පෙළඹිම මානසික රෝගයක් ලෙස සලකනු ලැබීය.එහෙත් අදවන විට එහී ඇති හානිය පිළිබඳව සොයාගැනීමට පරික්ෂකයන් අපොහොසත් වී ඇත. (සැ.යු. ඕනෑවට වඩා වතුර බීමද හානි කර වන්නා සේ, ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොද නැත. ආදරය, ලිංගිකත්වය, කන බොන දෑ, මතවාද, ආදියට ස්වයං සීමාවන් දා ගත යුතුයි. එය BDSM වලටත් අදාලයි)

කෙසේ නමුත් තවදුරටත් කිවයුතු වැදගත්ම කාරණය එය නොව, මෙයින් ශාරීරික වශයෙන් වාසි ඇතිබව සොයාගෙන ද ඇත. මෙහිදී සිදුවන්නේ එක් අයෙකුගේ බලය යොදවා අනෙකා කීකරු කරගැනිමකි. එහිදි අනෙකා කෙරෙහි තබන විශ්වාස ,ගරුත්වය ,සන්නිවේදනය යන කාරණා මෙම role play එකේ දක්නට ලැබෙනවා. මෙය සියලුම දෙනාටම රස විඳින්න බැරි දෙයක් වන්නට පුළුවන්. එය ඔබෙ පුද්ගලික රුචාකත්වයයි. එහෙත් මෙ ගැන කුතුහලයක් ඇති ඔබට අප ආරාධනා කරන්නෙ ඔබේ ලිංගික ජීවිතය නව පණක්, ප්‍රබෝධයක් ගෙන දිය හැකි BDSM හි සුන්දරත්වය විදගන්න ලෙසය.

-අනූපමා ශාවිංකි -

Post a Comment

1 Comments