ඔයාගේ Time Zone එක ඔයා දන්නෙ නැතිනම් මේක බලන්න

ඇමෙරිකාවේ එක් පාසැලක උසස් පෙල සදහා පාසැලේ ආරම්භක දිනයයි.

ඔවුන්ගේ පලමු දේශනය මහාචාර්ය වරයෙකුගෙනි.

"සුභ උදෑසනක් වේවා ඔබ සැමට"

"සුභ උදෑසනක් වේවා ප්‍රොෆෙසර්"

ඔහු දේශනය ආරම්භ කලා.

"අද ඔබගේ පාසැල් වාරයේ ආරම්භක දිනයයි."

" මම  ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනව ගමනක ආරම්භය පිලිබඳව.ඒ වගේම ඔබේ ජීවිතයේ ආරම්භය පිලිබඳව."

"තව වසර 2ක කාලයකින් ඔබ සියලුදෙනාම උසස්පෙල අවසන් කරාවි.ඊලග වසර 3ක කාලය ලෝකයේ කොහේ හෝ ඔබ ඔබේ උසස් අධ්‍යාපනය ලබාගනීවි ඔබේ කැමැත්ත අනුව තෝරාගත් විශ්වවිද්‍යාලයක් තුල."

සිසුන්ගේ අවධානය පලමු විනාඩි කිහිපයේදී ම ලබාගැනීමට මහාචාර්යවරයා  සමත් උනා.

"අදින් වසර 05කට පසුව ඔබ ඔබේ වෘත්තීයමය ජීවිතය ආරම්භකරාවි.

මේ පංති කාමරයේ සිටින ඔබගෙන් බොහෝ දෙනෙක් ලෝකයේ හොදම සමාගම් සහ ආයතන වෙනුවෙන් වැඩකරන්න පටන්ගනීවි."

"ඉන්පසුව ඔබ විවාහ වේවි, ඔබගේම නිවසක් මිලදීගනීවි"

සිසුන් නිහඩවම තම අනාගතය දකිමින් සිටින අතර ඔහු දිගටම කතාකරන්නට උනා.

"වසර 10ක කාලය ඇතුලත ඔබේ ජීවිතයේ සෑමදෙයක්ම ස්ථිර ලෙස ඔබ සකසාගනීවි."

"ඒ වගේම වසර 15කින් ඔබට වයස 30ක් වේවි.එවිට ඔබේ රැකියාව,පවුල,ආදායම,දරුවන් මේ හැමදෙයක්ම තහවුරු වී තිබේවි"

"එක්ස් කියුස් මී ප්‍රොෆෙසර්"

එක් සිසුවෙකු අත ඔසවා නැගී සිටියා.


"මට සමාවෙන්න මහාචාර්යතුමනි,

ඔබ පවසන දෙය සමග මට එකගවීමට අපහසුයි.කරුණාකර මට පැහැදිලි කරන්න ඉඩ දෙන්න."

"ඔව්,ඔබට අවස්තාව ලැබෙනවා"

මහාචාර්යවරයාගේ අවසරයෙන් ඔහු කතාකරන්නට පටන්ගත්තා.

"මම දන්නව පුද්ගලයින්ව අවුරුදු 21න් උපාධිය ලබාගත්තත්,අවුරුදු 27වන තුරු රැකියා විරහිතව හිටපු.

ඒ වගේම ,මම දන්නව පුද්ගලයින්ව අවුරුදු 25න් උපාධිය සම්පූර්ණ කරල ඉතා ඉක්මනින් රැකියා හොයාගත්තු."

"මම දන්න සමහරු කවදාවත් විශ්වවිද්‍යාලයකට ගිහින් නෑ.ඒත් ඔව්න් ආදරය කරන වෘත්තීය අවුරුදු 18න් හොයාගෙන තියෙනව."

ඔහු දිගටම කතාකරන්නට උනා.

"තවද,උසස් පෙලින් පසුව රැකියා සොයාගෙන ඉතා හොඳ ආදායම් ලබන අයව මම දන්නව. ඒත් ඔවුන් තමන්ගෙ රැකියාව ගැන චුට්ටක්වත් සතුටු නෑ."

"කිසියම් කාලපරාසයක් අරන් තමන්ගෙ ජීවිතය හදාගත්තු මිනිසුන්ව මම දන්නව."

"අවුරුදු 16දී තමන් කරන්නෙ මොනාද කියල සැලසුම් කරපු,ඒත් අවුරුදු 26දී ඒ සැලසුම් වෙනස් කරලා වෙන වෘත්තීන් තෝරගත්තු අයව මම දන්නව"

සියලු දෙනාම ඔහුට සවන්දෙමින් සිටියා.

"ඒ වගේම දරුවන් ඉන්න,විවාහ නොවුනු අයව මම ආශ්‍රය කරල තියෙනව.විවාහවෙලා වසර 8ක් 10ක් යනකම් දරුවන් නැති පවුල් මම දැකල තියෙනව.

"තවද,විවාහ උනු ඒත් වෙන කෙනෙකුට ආදරය කරන අය මේ සමාජයේ ජීවත්වෙනවා. ඒ වගෙම එකිනෙකාට ආදරය කරන ඒත් කවදාවත් එකතුවෙන්න බැරි අයව මම දැකල තියෙනව."

"මහාචාර්යතුමනි,

මම හිතන විදියට ජීවිතයේ සෑම දෙයක්ම සිදුවෙන්නෙ අපිට නියමිත කාල පරාසයක් තුල,අපි වෙනුවෙන්ම නිමැවුනු ඔරලෝසුවකට අනුව."

"අපිට හිතෙනවා සමහරක් අපේ මිතුරන් අපිව පහුකරන් ගිහින් කියල,තවත් සමහරු අපිට පිටුපසින් කියල.ඒත් හැමදේම සිද්දවෙන්නෙ තමන් වෙනුවෙන් නියමිත කාලයෙදි.ඒ වගේම තමා ඔබත්. බලාපොරොත්තු බිදනොවැටී තබාගැනීමයි වැදගත්"

"අවුරුදු 25 දී මාක් කූබන්(Mark Cuban) කියන්නෙ ඩලාස්(dallas) වල ආපනශාලා සේවකයෙක්."


"ජේ කේ රෝලින්ග්(J K Rowling) ට අවුරුදු 32ක් වෙනකම් හැරී පෝටර් (harry potter) එලිදක්වන්න බැරි උනා ප්‍රකාශකයන් 12 දෙනෙක් ප්‍රතික්ෂේප කරපු නිසා"


"ජැක් මා(Jack Ma) අලිබාබා( Alibaba) පටන්ගත්තෙ වයස 35දී."


"ඔටේගා (Ortega) සාරා(Zara) දියත්කෙරුවෙ අවුරුදු 39දී"


"මෝගන් ෆ්‍රීමන්(morgan freeman) ජීවිතය ගොඩනගන්න ගත්තෙ අවුරුදු 52දි."


"ස්ටීව් කැරල්(steve carell) වෘත්තීය ජීවිතය පටන්ගත්තෙ වයස අවුරුදු 40දි"


"මේ විදියට බලද්දි අවුරුදු 25න් උපාධිය සම්පූර්ණ කරනව කියන්නෙත් වටින දෙයක්.අවුරුදු 30ක් වෙනකොටත් අවිවාහකයි ඒත් සතුටින් නම් ඒකෙ වරදක් නෑ.

අවුරුදු 35දී පවුල ආරම්භ කරනව කියන්නෙ පුලුවන්කම තියෙන දෙයක්.අවුරුදු 40න් පස්සෙ උනත් නිවසක් මිලදීගන්න පුලුවන් උනොත් ඒක ඉතාම වටිනවා."

"ඒ නිසා තවත්කෙනෙකුගෙ කාල පරාසය දිහා බලල අපි ජීවිතේ අවතක්සේරු කරන්න අවශ්‍ය නෑ.

අයින්ස්ටයින් කියල තියෙනව "(Not everything that counts ,can be counted. And not everything that's counted,truly counts)

" වැදගත්වන්නේ මෙයයි. ඔබ ඔබ වෙනුවෙන් ස්වාධීන,අර්තවත්,නිදහස් සහ ගැලපෙන ජීවිතයක් ගොඩනගාගන්න ඕනෙ.ඒ සදහා වයස,සමාජ පසුබිම හෝ වෙන කිසිවක් බලපාන්නෙ නෑ."

"අවශ්‍යම දේ ආකල්ප සහ ස්ථාවර අධිෂ්ඨානයයි."

"මම හිතන විදියට නිවැරදි සාර්ථකත්වය එයයි."

රැකියා විරහිත සහ විවිධාකාර ගැටලු වලින් මානසිකව වැටුනු බොහෝ අය අපිට දකින්න පුලුවන්. මේ  සටහන ඔවුන් වෙනුවෙන්.

(හිතනව මගේ වචන ඔවුන් තේරුම්ගනී කියල)

ලිපියේ අයිතිය - සුමිත් එදිරිසිංහ මහතාට

ලිපිය වටිනවා කියලා හිතෙනවා නම් පහල තියෙන සමාජ ජාල වලින් තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ඒ වගේ ම පහළින් අපේ බ්ලොග් අඩවිය ෆලෝව් කරලා කමෙන්ට් එකකුත් දාන්න.

- 221 බී ෂර්ලොක් / 221 B Sherlock-

Post a Comment

0 Comments