සොඩර් පවුලේ දරුවන් අතුරුදහන් වීම

1945 නොවැම්බර් 24 නත්තලට කලින් දවසෙ හැමෝම සැමරීම්වලට සැරසෙද්දි බටහිර වර්ජීනියාවෙ ෆේට්විල්වල අදටත් නොවිසදුනු අභිරහස් අතුරුදහන් වීමක් සිදුවුනා.ඒ බෙටී(5) ජෙනී(8) මාර්තා(12) ලුයිස්(9) හා මොරිස්(14) කියන ළමයින් නවයකින් යුත් මොරිස් පවුලේ ළමයින් පස් දෙනෙක් අතුරුදහන් වීම..

ජෙනී හා ජෝර්ජ් සොඩර් ළමයි නව දෙනත් එක්ක ජීවත් උනේ දෙමහල් නිවසක.වෙනදා වගේම මේ දවසෙත් ඔවුන් සැන්දෑව ගත කරලා තියෙන්නෙ සාමාන්‍ය ආකාරයට.නත්තලට කලින් දවසෙ රෑ නිසා ජෙනී ළමයින්ට වෙනදට වඩා රෑ වෙනකන් ඇහැරිලා ඉන්න ඉඩ දීලා තිබුනා.කොහොම උනත් වැඩිමල් පුතුන් දෙදෙනා පියාගෙ වැඩවලට සහය වෙලා මහන්සි වෙලා තිබුන නිසා ජෙනීත් ටික වෙලාවකින් නින්දට ගොස් තිබුනා.කොහොම උනත් නත්තල් දවසෙ මධ්‍යම රාත්‍රී 12.30ටට ජෙනී එක්වරම ඇහැරෙන්නෙ ලැබෙන දුරකතන ඇමතුමක් නිසා.එයට පිළිතුරු දීමට පහලට පැමිණෙන විට ඇය වැඩිමල් දියණිය මේරියන් සාලයේ සෝෆාව මත නිදා සිටිනු දැක අනිත් ළමයිනුත් උඩු මහලේ නිදි ඇති බවට අනුමාන කොට තිබුනා.දුරකතනයට පිලිතුරු දීමේදි තමන් හදුනන්නැති ගැහැණු කෙනෙකු විසින් තමන් නොදන්නා නමක් ගැන විමසූ බවත් ඇය එය වැරදි අංකයක් ලෙස පවසා දුරකතනය විසන්ධි කල බවත් ජෙනී පවසා තිබුනා.කෙසේ උවත් දුරකතනයේ අනෙක් පස පසුබිමින් වීදුරු ගැටෙන හඩකුත් අමුතු සිනහවකුත් ඇසුනු බවත් ඇය සදහන් කොට තිබුනා.දුරකතන ඇමතුම අවසන් කොට නැවත නිදන කාමරයට යනවිට යටමහලේ තිරරෙදි වසා නොමැති බවත් විදුලි බුබුලු නිවා නොමැති බවත් ඇය දැක තිබුනත් ඒ ගැන එතරම් සැලකිලිමත් වී නැහැ.නැවත් පැය බාගයකට පමණ පසු හදිසියේ ඇය ඇහැරෙන්නෙ වහල මත යමක් පතිත වී රෝල් වී ගිය හඩක් ඇසීම නිසා.නමුත් ටික වෙලාවක් නිහඩව පැවතීම නිසා ඇය නැවතත් නින්දට ගොස් තිබෙනවා.

නැවත උදේ 1ට පමණ ඇහැරෙන්නෙ ඇතිවූ දුමක් නිසා.එවිට ඇය දැක තිබෙන්නෙ ඇගේ සැමියා ජෝර්ජ් කාර්‍යාලය ලෙස භාවිතා ජරන කාමරය ගිනි ගනිමින් පවතින බවයි.වහාම ජෝර්ජ් හා කාමරයෙන් පිටවූ ඇය වැඩිමල් පුතුන් දෙදෙනා හා දියණියන් දෙදෙනෙකු සමගින් නිවසින් ඉවතට පැනගොස් අනෙක් ළමයින්හට කෑ ගැහුවත් ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් ලැබී නැහැ මේ නිසා ජෝර්ජ් උඩු මහලට ඇතුලු වීමට උත්සාහ කලත් ඒ වනවිටත් පඩිපෙල ගිහිගනිමින් පැවති නිසා එය සාර්ථක වී නැහැ.මේ අතර මේරියන් නිවසේ දුරකථනයෙන් ගිනි නිවන ඒකකයට ඇමතීමට උත්සාහ කලත් දුරකථනය විසන්ධි වී තිබුන නිසා ඇය අසල්වැසි නිවසකට දුවගොස් එයින් ඇමතීමට උත්සාහ කලත් ඔවුන්ට පිලිතුරක් ලැබී නැහැ.ගින්න දැකපු අසල්වැසියෙකුත් මෙලෙස උත්සාහ කලත් ඔහුගේ ඇමතුමටත් පිලිතුරක් ලැබී නැහැ.මේ අතර ජෝජ් ජනේලයකින් උඩු මහලට නැගීම සදහා ඉනිමගෙ සොයා බැලුවත් එය සාමාන්‍යයෙන් රදවා තබන තැන එය හමුවී නැහැ.ඉන්පසු ඔවුන් ඔහු වැඩවලට යොදාගන්න රථ පණගැන්වීමට උත්සාහ කලත් එම වාහන දෙකෙන් එකක්වත් පණගැන්වී නැහැ.ඉන්පසුව විනාඩි 45ක් පුරාවට සොඩර් පවුලේ ඉතිරි සාමාජිකයන්ට කලහැකිව තිබූ එකම දේ වී තිබුනේ වැළපෙමින් ගිනිගන්න නිවස දෙස බලාසිටීම පමණයි.මේ සියල්ල සිදුවී අවසන් උවත් සැතපුම් 2.5ක් පමණ දුරින් පිහිටි ගිනි නිවන ඒකකය එම ස්ථානයට පැමිණ තිබුනේ පැය 7කටත් පසුවයි.ඉන්පසු නිලධාරීන් පැමිණ එම අලු,සුන්බුන් පරීකශා කලත් එහි තිබී කිසිදු මිනිස් අස්ථි කොටසක් හමුවී නැහැ.මේ අතර දින කීපයකට පසු ජෝර්ජ් සොඩර් විසින් දූවිලි,අබලි ආදිය යොදා එම පිළිස්සුණ සුන්බුන් වසා දමා එහි ස්මාරකයක් ගොඩනගනවා.කෙසේ උවත් නැවත පරීක්ශා කිරීමේදි මෙම දූවිලි ගොඩේ තිබේ කශේරුවක කොටස් කීපයක් පසුව පරීක්ෂකයන් විසින් සොයාගත්තත් එය සොඩර් පවුලේ නැති වූ ළමයින්ගෙ බව තහවුරු වන්නෙ නැහැ.එය දූවිලි ලබාගත් බිමේ තිබූ බවට නිගමනය වෙනවා.පරීක්ෂකයන් පවසන්නෙ අස්ථි කොටස්ද සමගින් ළමයින් පස් දෙනාම දැවී ගොස් ඇති බවයි.එලෙස ඔවුන් පරීක්ෂණ අවසන් කලත් ජෙනී හා ජෝර්ජ් විසින් එය පිලිගන්නෙ නැහැ.ඔවුන් පවසන්නෙ ඔවුන්ගෙ ළමයින් පැහැර ගැනීමකට ලක්ව ඇති බවයි.ඒ අනුව ඔවුන් පෞද්ගලික රහස් පරීක්ෂකයන්ගේද සහය ඇතිව සෙවීම් පටන් ගන්නවා.ජෝර්ජ්ගෙ ඉල්ලීම් අනුව FBI ආයතනය පරීක්ෂණවලට සහය දැක්වීමට එකග වුවත් ෆේට්විල්හි පොලිසිය හා ගිනි නිවන ඒකකය එය ප්‍රතික්ෂේප කරනවා.මේ අතර සොඩර් පවුලේ සැකය තහවුරු කරන සාධක ගණනාවක් හමුවෙනවා.දුරකතන අලුත්වැඩියා කිරීමේ පුද්ගලයා විසින් දුරකතන රැහැන් ගින්නට හසු නොවූ බවත් ඒවා කවුරුන් හෝ කපා දමා ඇති බවත් සොයා ගන්නවා.ඒ අනුව අසල්වැසි කාන්තවකගේ සාක්ශි අනුව කැපුම් උපකරණ සොරාගත් පුද්ගලයෙකු අතඅඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදි ඔහු තමා විසින් දුරකතන රැහැන් කැපූ බවත් ඔහුගේ අරමුණු වූයේ බල රැහැන කැපීම නමුත් ඔහුගේ ගින්නට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සදහන් කොට තිබෙනවා.ඔහුගේ සොරකම නිසා ඒ සම්බන්ධව වැඩිදුරටත් පරීක්ෂණ සිදුවන්නෙ නැහැ.මේ අතර සොඩර් පවුල නැවත නව නිවසක් ඉදිකිරීමේදී පළමු ස්ථානයට මීටර් 23ක් දුරින් ගින්න දින රැයේ සොයාගත නොහැකි වූ ඉණිමග සොයා ගන්නවා.මේ අතර තවත් වැදගත් කරුණක් අනාවරණය වෙනවා.

ගින්නට මාස කීපයකට පෙර රක්ෂණ නියෝජිතයෙක් සොඩර් නිවසට පැමිණි බවත් ඔහු හා ජෝර්ජ් එකග නොවූ නිසා ඔහු සොඩර් නිවස ගිනිගනු ඇති බවත් ළමයින් සමගම විනාශවෙනු ඇති බවට් තර්ජනය කල බවට ජෝර්ජ් විසින් සදහන් කරනවා.කෙසේ නමුත් ඔහු ගැන කිසිදු තොරතුරක් නැවත දැනගන්නට ලැබෙන්නෙ නැහැ.මේ අතර අතුරුදහන් වූ සොඩර් දරුවන්ට සමාන දරුවන් දුටු බවට විවිධ ස්තානවලින් සාක්ශි ලැබුනත් ඒ කිසිවක් සනාථ වී නැහැ.ඔවුන් අතුරුදහන් වූ උදෑසන කාන්තාවක් ළමයින් හතරදෙනෙකු වාහනයක ගමන් කරනු දුටු බවට,තවත් කාන්තාවක් ඔවුන්ට උදෑසන ආහාරය පිලිගැන්වූ බවට හා ඔවුන් සමග කාන්තාවන් හා පිරිමින් දෙදෙනෙකු සිටි බවටත් ඔවුන් තමාට ළමයින් හා කතා කිරීමට ඉඩ නොදුන් බවත් ප්‍රකාශ කොට සිටිනවා.

මේ අතර ළමයින්ගේ අතුරුදන් වීම පිළිබද නොයෙකුත් කටකතා ප්‍රචාරණය වීමට ලටන් ගන්නවා.ජෝර්ජ් සොඩර් ඉතාලියේදී මාෆිටා කල්ලියක සාමාජිකයෙකු බවත් ඔහුගෙන් පලිගැනීමක් ලෙස මෙය සිදු කොට ඇති බවට එක් වරක් ප්‍රචාරණය වෙනවා.තවද ළමුන් අනාථාගාරයකට විකුණා ඇති බවටද ,ළමයින් ජෙනීගෙ දුර නැදෑයින් සමග ඉතාලියේ ජීවත් වෙන බවටද කටකතා පැතිර යනවා.මේ කෙසේ වුවත් ඔවුන් ගැන කිසිදු තොරතුරක් ලැබෙන්නෙ නැහැ.මේ අතර ගින්නෙන් අවුරුදු 23කට පසු ජෙනී සොඩර් හට ඇයගේ නමට තැපැල් මාර්ගයෙන් චායාරූපයක් ලැබෙනවා.එය අවුරුදු විසි ගණන්වල තරුණයෙකුගෙ සේයාරුවක්.ජෙනී හා ජෝර්ජ් සොඩර් යුවල ඔහු මීට අවුරුදු 23කට පෙර නැතිවූ එවකට නවහැවිරිදි තමාගෙ පුතෙකු වූ ලුයිස්ට බෙහෙවින් රූපීයව සමාන බව සොයාගන්නවා.ඔහුගෙ ඇස්,නාසය,හිසකෙස් මෙන්ම ඇහිබැමද ලුයිස්ට බෙහෙවින් සමාන කමක් පෙන්නුම් කරනවා.එහි ආපසු යැවීමට ලිපිනයක් නැතත් එය තැපැල් කොට තිබුනේ කෙන්ටකි නම් නගරයකින්.එහි පිටිපසු අතකුරින් ලියූ සටහනක් වෙනවා

Louis SodderI

ILove brother Frankie 

Lil boys

A 90132 or 35 යනුවෙන්.

සොඩර් යුවල මේ පිලිබදව සෙවීමට පෞද්ගලික රහස් පරීක්ෂකයෙක් කෙන්ටකි නගරයට යැවුවද අභිරහස් ලෙස ඔහු අතුරුදහන් වෙනවා.නැවත කවදාවත් ඔවුන්ට ඔහු පිලිබදව තොරතුරක් ලැබෙන්නෙ නැහැ.මේ අතර අවුරුදු 74ක් වූ ජෝර්ජ් 1969දි මිය යනවා.ඉන් වසර කීපයකට අසු අවුරුදු 85ක් වූ ජෙනීද මිය යනවා.විශාල මුදලක් හා කාලයක් වැය කලත් ඔවුන්ට කෙදිනකවත් නැතිවූ දරුවන් පස් දෙනා නැවත දකින්නට ලැබෙන්නෙ නැහැ.

සොඩර් පවුලේ ජීවත්ව සිටින ඉතුරු එකම සාමාජිකාව වන්නේ එවකට දෙහැවිරිදි සිල්වියා සොඩර් පමණි.ඇය විසින් තවදුරටත් තමන්ගෙ සහෝදර සහෝදරියන් මිය ගිය නැති බවත් ඔවුන් පැහැරගත් බවත් විශ්වාස කරනවා.ඇයගෙ දියණිය ජෙනී හෙන්තෝන් විසින් මිනිසුන්ට මේ පිළිබදව දැනුම් දිය හැකි වෙබ් අඩවියක් නිර්මාණය කරනවා sluis.com ලෙසින්..ඇය මෙලෙස සදහන් කොට තිබෙනවා."මගේ අම්මා මගේ ආච්චි අම්මට පොරොන්දු වෙලා තියෙනවා කවදාවත් මිනිස්සුන්ට මේ කතාව අමතක වෙන්න දෙන්නෙ නෑ කියලා.ඉතින් ඒක තමයි මායි මල්ලියි දැන් කරන්නෙ යනුවෙන්"..

කෙසේ වුවත් බෙටී,ජෙනී,ලුයිස්,මාර්තා,මොරිස් යන සොඩර් ළමයින්ට සිදුවූ දේ අදටත් නොවිසදුනු අභිරහසක්...

-අධිස්වාභාවික ගෲපයේ Derek Neymar-

ලිපිය වටිනවා කියලා හිතෙනවා නම් පහල තියෙන සමාජ ජාල වලින් තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ඒ වගේ ම පහළින් අපේ බ්ලොග් අඩවිය ෆලෝව් කරලා කමෙන්ට් එකකුත් දාන්න.

- 221 බී ෂර්ලොක් / 221 B Sherlock-

Post a Comment

0 Comments