අගතා ක්‍රිස්ටිගේ, ඔරියන්ට් සීඝ්‍රගාමී දුම්රියේ මිනීමැරුම

1890 සැප්තැම්බර් මාසේ පහළොස්වෙනිදා උපත ලද අගතා ක්‍රිස්ටි බ්‍රිතාන්‍ය ජාතික නවකතාකාරිණියක්. ඇය විසින් Hercule Poirot චරිතය සහ Miss Marple යන චරිත දෙක පාදක කරගෙන රහස්පරීක්ශක නවකතා 66 සහ කෙටි කතා 14 ලියල තියෙනවා. ඇය රහස්පරීක්ශක කතා ලියන්න දරපු මුල් උත්සහයන් හයක්ම අසාර්ථක වෙනවා. ඒත් 1920 දි ප්‍රකාශයට පත් කරන ලද, හර්කියුල් පෝරො මූලික කරගත්තු නවකතාවක් උන The Mysterious Affair at Styles කතාවෙන් ඇය සාර්ථක වෙනවා. එතනින් පටන්ගෙන ආපු ගමන නැවතුනේ, බයිබලයටයි ශේක්ස්පියර්ගේ නිර්මාණ වලටයි පස්සේ වැඩිම වාර ගනනක් ප්‍රකාශයට පත් වූ නිර්මාණ විදියට වාර්ථාවක් තියලා. ගිනස් වාර්ථා පොතට අනුව අගතා ක්‍රිස්ටිගේ පොත් වල පිටපත් බිලියන දෙකක් විතර මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. ඒ නිසාම තමයි ඇයට නමක් පට පඳින්නේ රහස්පරීක්ශණ ලොවේ අගරැජින කියලා.

අගතා ක්‍රිස්ටිගේ නවකතා අතරින් වැඩිම පිටපත් ගනනක් විකිණිලා තියෙන නවකතාව තමයි And Then There Were None කියන එක. මේ වෙනකොට ඒකේ පිටපත් මිලියන සීයකට වැඩියෙන් විකිණිලා තියෙනවා. ඒ නවකතාව පාදක කරගෙන නිර්මාණය උන ටිවි සීරිස් එකට මම කරපු සබ් එකක් සයිට් එකේ ඇති. තව මේ ලඟදි සබ් කරල දුන්න Crooked House චිත්‍රපටියත් අගතා ක්‍රිස්ටිගේ නවකතාවක් පාදක කර ගත්තු එකක්.

Murder On The Orient Express කියන මේ නවකතාවත් අගතා ක්‍රිස්ටිගේ ප්‍රසිද්ධ නිර්මාණයක්. මේ නවකතාව පාදක කරගෙන චිත්‍රපටිය අධ්‍යක්ශණය කරන්නේ Kenneth Branagh විසින්. හර්කියූල් පෝරො චරිතයට රංගනයෙන් දායක වෙන්නෙත් ඔහුම තමයි. ඔහුට අමතරව Johnny Depp, Daisy Ridley, Leslie Odom Jr, Tom Bateman, Penélope Cruz, Josh Gad, Michelle Pfeiffer, Judi Dench, Olivia Colman, Willem Dafoe, Marwan Kenzari ඇතුළු නළු නිළි පිරිසක් චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටියේ IMDb අගය 6.6 වෙනවා. චිත්‍රපටයේ කොටසක් පහලින් බලන්න පුළුවන්

චිත්‍රපටියේ අධික ආදායම් වාර්ථා හේතුවෙන් මේක සීරිස් එකක් විදියට ඉදිරියට ගෙනියන්න නිර්මාණකරුවන් බලාපොර්තු වෙනවා. චිත්‍රපටි මාලාවේ දෙවැන්න විදියට, අගතා ක්‍රිස්ටිගේ Death On The Nile නවකතාව පාදක කරගෙන චිත්‍රපටියක් නිර්මාණය කරන්න තීරණය කරල තියෙනවා. ඒ චිත්‍රපටිය නිකුත් කරන්න දින යොදලා තියෙන්නේ 2019 නොවැම්බර් මාසේ අට වැනිදා.

මේකේ කතාව තියෙන්නේ ඔරියන් දුම් රියේ ගමන් කරන ධනවත් ව්‍යාපාරිකයෙක් වෙන රැචට් කියල මහත්මයෙක්, පිහි ඇණුම් බර ගානක් එක්ක ඔහුගේ නිදන මැදිරියේ තිබිලා හොයාගන්නවා. ඒ අස්සේ ලොකු හිම කන්දක් නාය ගිහින් රේල් පාර උඩට වැටිලා කෝච්චිය පීලී පනිනවා. මේ ඔක්කොම දේවල් වෙලා තියෙන අස්සේ තමයි අපේ විශිෂ්ඨ රහස්පරීක්ශක හර්කියූල් පෝරො මහත්මයට මේ මිනීමැරුම විසඳන්න භාර වෙන්නේ. එහෙනම් බලමුකො කොහොමද එතුමා මේක විසඳන්නේ කියලා.

මේ චිත්‍රපටය යූටියුබ් හෝ ෆේස්බුක් හී දැමීමට අයිතිය ලබා දී නැති හෙයින් මම පහලින් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එකයි සිංහල උපසිරැසි ලින්ක් එකයි දාන්නම්. අපේ ටෙලිග්‍රෑම් ගෘප් එකේ ලින්ක් තමයි තියෙන්නේ පැය භාගේ ටයිම් බේස් පැකේජ් එකක් දා ගත්තනම් ඉක්මනින් ගන්න පුළුවන්. ටෙලිග්‍රෑම් ෆී තියෙන අයට නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකක් හරි ගැටලුවක් ඇති වුණොත් යටින් කමෙන්ට් එකක් දාන්න. බයිස්කෝප් වෙබ් අඩවියේ කල්හාර වික්‍රමසිංහ සොයුරා තමයි සිංහල උපසිරැසි හදලා තියෙන්නේ.

සම්පූර්ණ චිත්‍රපටය මෙතනින් ගන්න
සිංහල උපසිරැසි මෙතනින් ගන්න

ලිපිය වටිනවා කියලා හිතෙනවා නම් පහල තියෙන සමාජ ජාල වලින් තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ඒ වගේ ම පහළින් අපේ බ්ලොග් අඩවිය ෆලෝව් කරලා කමෙන්ට් එකකුත් දාන්න.

- 221 බී ෂර්ලොක් / 221 B Sherlock-

Post a Comment

0 Comments