ජැක් ද රිපර් - දාම ඝාතකයා ගේ මිනීමැරුම්

ලෝකයේ විසදුනු නැති අභිරහස් කොච්චර නම් තියෙනවද ? #Jack_the_ripper කියන්නේ මේ වෙනකම් කවුද කියලා හොයාගන්න බැරි වුනු ඉතිහාසයේ හිටපු දරුණු මිනිමරුවෙක්. මේ Case එකට දැන් අවුරුදු 130 ක් විතර වයසයි ඒත් මේ වෙනකන් සමහර අය මේක අතැරලා දාන්න කැමති නැ. හැබැයි එක දෙයක් දන්නවා මෙයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ( Google කරාම මේ විස්තර ටික හොයාගන්න පුළුවන් ) ඔයාලා හිතන්නේ සැකකාරයෝ කී දෙනෙක් ඉන්නවා කියලද? 20 කටත් වැඩි ගානක් ඉන්නවා.



කවුද මේ jack the ripper කියන්නේ

Ripper කියන්නේ මිනිස්සු දාපු නමක්.පේන විදියට මෙයාට ගණිකාවන් පෙන්න බැරි මානසික ලෙඩක් තිබිලා තියෙනවා.හිතාගන්න බැරිම දේ තමයි හැම ගණිකාවක්ම නෙවෙයි තෝරගත්ත කිහිප දෙනෙක්. හරියටම කියනවා නම් 5 දෙනෙක් මෙයාලට කියන්නේ Canonicle 5 කියලා. සමහර තැන් වල කියවෙන විදියට මෙයා 11 දෙනෙක් මැරුවා. හැබැයි ඒවා හරියටම තහවුරු කරගෙන නෑ. ඒ නිසා 5 දෙනෙක් කියලා තමයි විශ්වාස කරන්නේ.  දැන් මිනී මරන්න හේතුවක් තියෙන්න එපැයි. ඕනෑම කෙනෙක්ට තියෙනවනි. ඒත් මේ මිනිහට හෝ ගැහැණියට කිසිම හේතුවක් තිබිලා නැ. දැන් ඔයාලා කල්පනා කරන්නේ “canonical” කියන වචනේ ගැන නම් ලතින් වලින් මේකට කියන්නේ නීතියට අනුව මන් හිතන්නේ ripper මේ මිනීමැරුම් කලේ රටාවකට කියලා හිතන නිසා වෙන්න ඇති.

(ඉතුරු මිනිමැරුම් 6 ගැන කියනවනම් මෙහෙම හිතන්න ඔයාට අල්ලපු ගෙදර එකාව මරන්න ඕනේ හැබැයි හිරේ යන්නත් බැ. එක පාරටම මිනි මරුවෙක් මිනි මරන්න පටන් ගනන්වා පිස්සුවෙන් වගේ මේකෙන් අවස්ථාව ගන්න ඔයා අල්ලපු ගෙදර එකාව මරලා උගේ account එකට දානවා ඒ වැරැද්දත් )

ගොඩක් වෙලාවට මේ 6 සාමාන්‍ය පලිගැනීම් වෙන්න පුළුවන් කියලා තමයි දල අදහස

එතකොට Ripper ක්‍රියාත්මක වෙන්නේ 1888 (#Victorian_era) එංගලන්තේ ලන්ඩන් වල Whitechapel වල. 1888 Whitechapel කියන්නේ තනිකර අපායක්.දුප්පත් කමින් වැහිලා ගිය මිනීමරුවෝ අපරාධ කාරයෝ පිරුණු,උගත් කමින් අඩු ඔයාලගේ වචනෙන් (හැත්තක්) ජනතාවක් හිටපු ප්‍රදේශයක්. ඉතින් මේකේ මොන අපරාධේ වුනත් ඒවා සාමාන්‍ය දේවල් විතරයි.

එතකොට ඇයි Ripper ජනප්‍රිය වුනේ ? ඔයාලා Overused වුනු Idea එකක් වෙනස් කරන්න පුලුවන්නම් හිතාගන්න බැරි විදියට සාර්ථක වෙන්න පුළුවන්. මේකම තමයි Ripper කලෙත් එයා මිනිහෙක්ව මරලා නිකම් හිටියේ නැ මිනිය හම ගහල අවයව කොටස් එලියට ගන්න අමුතු Iconic විදියකට මේ වැඩේ කරා.මතකද මන් මුලින් කිව්වා Ripper කියන නම දැම්මේ මිනිස්සු කියලා දැන් ඔයාලට තේරෙනවනේ ඇයි කියලා.ඒ කාලේ මිනිස්සු නම් දාන වැඩේට හෙන Creative මෙයාට තව නම් ගොඩක් තිබුනා The Whitechapel Murderer, Leather Apron මේ දෙකක් විතරයි.

ඇයි ලන්ඩන් වලට මේ වගේ හෙනයක් ගැහුවේ ?

මන් පොඩි Outline එකක් දෙන්නම් ඒකාලේ ලන්ඩන් ගැන.මේ කාලේ එකියන්නේ 19 ශතවර්ෂයේ හිතාගන්න බැරි ව්දියට සංක්‍රමනිකයෝ ලන්ඩන් වල පදිංචියට අවා වැඩි හරියක්ම උන් අයිරිෂ්.(Ireland) එතකොට Jewish කට්ටිය යුදෙව්වෝ මේ කාලේ යුදෙව්වෝන්ට Pogrom කියලා කැරැල්ලක් ගැහුවා,ඉතින් මේ තාඩන පීඩන වලට ලක්වුණු යුදෙව්වොත් මේක අස්සේ රින්ගගත්තා ඉතින් හිත ගන්න බැරි විදියට ජාන ගහනේ වැඩි වුණා.ඉතින් වැඩි වුනු ජනගහනේ එක්ක ඉඩ පහසුකම් එතකොට රැකියා අවස්ථාවන් අඩුවෙන එක එතකොට ලෙඩ රෝග පැතිරෙන එක මේ වගේ ගොඩක් දේවල් වුණා. ඉතින් මිනිස්සු හොරකමට පුරුදු වුණා ගැහැණු ගණිකා වෘත්තියට පුරුදු වුණා.

ජිවත් වෙන්න විදියක් තියෙන්නත් එපැයි නෙහ් ? මේකේ ජිවත් වෙන එක වෙනම Adventure එකක් මොකද හැම දවසකම මිනීමැරුම් ,හොරකම් ජනතා උද්ගෝෂණ (අපේ රට ගැන නෙවෙයි කියන්නේ හොදේ )ඒ විතරක් නෙවෙයි ජාතිවාදීන්,දෙශවාදීන් එතකොට යුදෙව්වෝ පෙන්න බැරි එක ඇගේ හැපුනත් එකෙක් මැරෙනකම් ගහ ගන්න රණ්ඩු එතකොට හැමවෙලේම පොලිසියෙන් පනින එක මේවා නිසා මේක නිකම් අමුතුම විදියේ ගුබ්බෑයමක් වුණා. මේකට ඒ දවස් වල කිව්වේ (den of immorality).ඒ විතරක් නෙවෙයි 1888 ඔක්තෝම්බර් වෙනකොට මේ WhiteChapple ප්‍රදේශයේ ගණිකා නිවාස 62 වගේම ඒවායේ වැඩ කරන ගැහැණු 1200ක් විදියට ගණන් බලලා තියෙනවා මේ නගරෙම පොලිසිය.

දැන් කොහොමද Ripper Creative වුනේ ?දැන් මෙහෙම තැනක වෙන මිනීමැරුම් හැම එකක්ම සාමාන්‍ය වෙන්න ඕනේ.නෙහ් ?හැබැයි Ripper ගොඩක් නිර්මාණශීලී හැකියවක් තියෙන කෙනෙක්. මොකද කාව හරි මැරුවම මිනිය විකෘති කරනවා. කොහොමද කරන්නේ මෙහෙමයි මුලින්ම බෙල්ල කපනවා නැත්නම් ඉරනවා සමහරක් තැන්වල කියන විදියට මේකත් අමුතුම රටාවකට කරලා තිබුනා කියලා තමයි කියන්නේ. එතකොට අවයව අයින් කරන එක නැ නැ නැ අත පය නෙවෙයි.ඇග ඇතුලේ තියෙන ඒවා Ripper සමහර ගොදුරු වල යටිබඩ කපලා තිබිලා තියෙනවා එතකොට ගර්භාෂය ,හදවත ,වකුගඩු වගේ දේවල් Ripper ගෙනිහින් තිබිලා තියෙනවා.මං හිතන්නේ මිනිහා මොකක් හරි Collection එකට වෙන්නැති.

Ripper ගේ මිනීමැරුම් කරපු කාලය 1888 අගෝස්තු 31 ඉදන් 1888 November 9 දැන් මේ කාලය හරියටම කියලා නැ මොකද ඊට පස්සෙත් 6 ක් වුනු නිසා.මේ කාලේ පොලිසියේ වැඩකරපු ජෝජ් බැක්ස්ටර් ෆිලිප්ස් කියන දොස්තර කියන විදියට Ripper ට දොස්තර කෙනෙක්ගේ දැනුමක් තිබිලා තියෙනවලු.මොකද නිකම්ම කාවහරි හමගහන්න බෑනේ.මේ කරපු හැම තුවාලයක්ම වෘත්තිමය විදියට කරපු ඒවා.

ඊලග කෑල්ලෙන් ගොදුරු වුනු අය ගැන කියන්නම්.Ripper මිනීමැරුම් 5 කරන්න ඇති හැබැයි මාධ්‍ය කාරයෝ තමයි ගොඩක් Comic ලිව්වේ .Ripper ගැන ඊලග කෑල්ලෙන් කියන්නම් ඒවා ගැන .වෙනම Website එකක් තියෙනවා ripper ගේ සේරම ගැන කියපු ඕනේ නම් එකත් visit කරලා බලන්න. Ripper ගේ මේ මිනීමැරුම් Victorian era එකේ නොදැකපු පැත්තක් පෙන්නලා දෙනවා. ඒ විතරක් නෙවෙයි Ripper ගේ Impact එක ඒ සමාජ ක්‍රමේ සම්පූර්ණයෙන්ම වගේ වෙනස් කරන්න බලපානවා.තාමත් ලෝකේ හිඅපු හොයාගන්න බැරි දරුණුම මිනීමරුවා තමයි Ripper.


(පළමු ඝාතනයේ තොරතුරු සොයාගැනීමට නොහැකි විය)


ඇනී චැප්මන් - දෙවෙනි ඝාතනය

ඇනි චැප්මන් බැදල හිටියෙ ජෝන්ව මෙ දෙන්නට ලමයි හිටියා පුතා ආබාදිතයි දුව මෙනින්ජයිටිස් නිසා මැරිල ගියා..ඒ හේතු නිසා දෙන්නම බොන්න පුරුදු උනා වගේම 1884දි වෙන් වෙලා චැප්මන් වයිට්චැපල් වලට ආවා.. අහන්ඩ දෙයක් නැනෙ වයිට් චැපල් වලට එන දුප්පත් ගැනුන්ට මොකද වෙන්නෙ කියල.. අනික් උන් වගෙම මෙයත් ගනිකාවක් උනා.. ජිවිතෙ කටුක බව අත්විදිමින් ජීවත් උන ඇනී පෙර ඝාතනය උන කෙනා වගේම බොඩිමෙ ඇදක් ගන්න සල්ලි නැතුව පිරිමියෙක් අල්ලගන්න හිතන් එලියට ගියා.. ඒ ගියේ අවසන් ගමනයි

1888 සැප්තැම්බර් 8 වනදින සෙනසුරාදා උදේ 6ට පමන ඇනිගෙ මල සිරුර හොයාගන්නව කියන්න සන්තොසයි කලින් වගේම මෙයාගෙ උගුරු දන්ඩ අයින් කරල තිබ්බෙ.. ඒ වගේම ගර්බාශය මුත්‍රාශය වෙන වෙනම අයින් කරලයි තිබ්බෙ .. බඩවැල් පවා එලියට ඇදල තිබ්බ නිසා මේ කාලයෙ එන්ගලන්ත වාසින් සියල්ලොම වගේ ජැක් ද රිපර් කියන නමට හුගක් බය උනා


එලිසබෙත් ස්ට්‍රයිඩ් - තුන් වෙනි ගොදුර

ස්ට්‍රයිඩ් විවාහයට පෙර සිටම ලියාපදින්චි ගනිකාවක්.. ස්විඩනයෙ උපන් මැය 1866 තමා ලන්ඩන් එන්නෙ.. 1869 විවාහ උන නමුත් 1884දි මිනිහ ක්ශය රොගය නිසා මැරුනා. ඒ නිසා ස්ට්‍රයිඩ් හැමොටම කියල තියෙන්නෙ මිනිහයි ලමයයි 1878දි තේම්ස් ගගේ වාශ්ප නැව් අනතුරකින් මැරුන කියල. ජැක්ද රිපර්ට මෙයාව මරන්න ලැබුනත් හිතෙ හැටියට මෙයාව පාට්ස් වලට වෙන් කරන්න ලැබුනෙ නැ ..මොකක් හෝ බාදාවක් නිසා මෙයාගෙ උගුරු දන්ඩ විතරයි කපල අයින් කරල තියෙන්නෙ ඒ නිසා එදිනම රාත්‍රියෙ පිපාසෙ සන්සිදවගන්න මෙයා වෙන ගිදුරක් හොයන් යනව


කැතරින එඩ්වොස් -හතර වෙනි ගොදුර

මෙයා නම් අනික් අය වගෙ නෙමෙ හැම දාම වගෙ වටේ ගිය කෙනෙක් හැබැයි ගනිකාවක් නෙමෙ හස්බන්ඩ් කෙනෙක් ඉදල නැ ඒත් කෙල්ල කාලෙ ටින් කම්කරුවෙක් එක්ක යාලු වෙලා ලමයි 3ක් ඉදල තියනව මෙයාගෙ බේබදු කම නිසා පවුල කැඩිල ගිහින්.. කොහොම නමුත් එලිසබත්ව මරනකොට ජැක්ද රිපර්ට බාදාවක් ආවනෙ ඒ නිසා උගුරු දන්ඩ විතරයි කැපුවෙ.. ඒ නිසා ජැක්ද රිපර් එයාගෙ පිපාසෙ සන්සිදගන්න එදාම රෑ ඊලග ඉලක්කය වෙච්ංහ කැතරින්ව හොයන් යනව .. කැතරින්ව නම් හිතෙ හැටියට හම ගහල තියනව. මොකද අනික් අයට වඩා දරුනුවිදියට මෙයාව මරල තියෙන්නෙ.

මුලින්ම උගුරු දන්ඩ කපල අයින් කරල ඇහි පිල්ලම් කපල ඉවත් කරල.. ප්‍රදාන ධමනියන් කපල දාලා මූන හම ගහල වකුගඩු අයින් කරල බඩවැල් එලියට අරන් කපල මල ද්‍රවය ඉවත් කරලයි තිබ්බෙ.. තනිකරම ඌරෙක් කෑලි කරල වගෙ.. මල සිරුර හොයාගත්තම ෆෙඩ්‍රික් බ්‍රෞන් නිගමනය කලෙ මේ ඝාතනය ශල්‍ය වෛද්‍යවරයෙක් විසින් කරපු එකක් කියල.. මොකද සාමන්‍ය කෙනෙක්ට කලුවරේ ඔය විදියට ශරීර අවයව තොරල බෙරල අයින් කරන්න තරම් හැකියාවක් නැ..

හොදම දේ තමා පහුවදා උදේ ඔරොලොසු හිමියෙක් වෙච්ච ජොර්ජ් ලුකස්ට.. From the hell (අපායෙන්) කියල ලිපියක් එක්ක කැතරින්ගෙ වකුගඩුවක් පාර්සල් කරල එවීම ඉතින් ජැක්ද රිපර්ට මිනිස්සු බය වෙච්ච එක සාදරනයි නේ


මේරි ජේන්කෙලී - අවසන් ඝාතනය

හොදම දේ අන්තිමටලුනෙ මරපු අයගෙන් ලස්සනම කෙනා තමා මේරි ජේන්.. මෙයාගෙ මිනිහා ගල් අගුරු ආකරයකට යව වෙලා මැරුනා ඒ නිසා ගනිකාවක් උනා.. නිකන් නෙමෙ ඉහලම ඝනයේ ගැනුම් කරුවො තමා මෙයාට හිටියෙ .. හොද ප්ලෙස් එකක් තියන් හිටිය ගනිකාවක් .... මේ සිදුවීම් අතරෙ මේරි ජේන් ජැක් ද රිපර්ට හුගක් බය උනා ඒ නිසා එයාගෙ පෙම්වතා( ඇයි ගනිකාවොන්ට පෙම්වතුන් ඉන්ඩ බැරිද ඇ)සමග වෙනම ජීවත් උනා..

ඔය බයිල ඉතින් අපෙ අමරනීය ඝාතකයට නම් ප්‍රශ්න නෙමෙ පෙම්වතා ගෙදර එනකොට මල කද විතරයි ගේ තිබ්බෙ නිකන් නෙමෙ අදුරගන්නවත් බැ ඒ මේරි ජේන්ද කියල.උදරය සහ කලව කපල අයින් කරල. පියයුරු කපල අයින් කරල දාල තිබ්බේ එ වගේම මූන හොයාගන්න බැරි වෙන්නම කපල තිබ්බෙ.. බෙල්ලෙපටක අස්තිය මතු වෙනකම් රැහල දාලා ඒ කපපු කෑලි ඔක්කොම මස් කඩයක වගෙ ගේ ඇතුලෙම ඇද අයිනෙ ගොඩ ගහල තිබ්බෙ..

පෝස්ටුව නිර්මාණය කළේ Amila Akalanka සහ John Dillinger දෙදෙනාගේ Facebook පෝස්ටු ආශ්‍රයෙනි.

ලිපිය වටිනවා කියලා හිතෙනවා නම් පහල තියෙන සමාජ ජාල වලින් තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ඒ වගේ ම පහළින් අපේ බ්ලොග් අඩවිය ෆලෝව් කරලා කමෙන්ට් එකකුත් දාන්න.

- 221 බී ෂර්ලොක් / 221 B Sherlock-


Post a Comment

0 Comments