සර් ආතර් කොනන්ඩොයිල් යනු ලොව විශිෂ්ටතම රහස් පරීක්ෂකයා බිහිකිරීමට සමත් වූ ලේඛකයා බවට කිසිදු විවාදයක් නැත. අපරාධ පරීක්ෂණය විද්‍යාවක් බවට පත් කොට එය සාමාන්‍ය පොදු පාඨක ජනතාව අතරට රැගෙන ඒම ෂර්ලොක් හෝම්ස් සමත්වීමෙන් එය මනාව තහවුරු වේ. නීරීක්ෂනයන් මගින් නිගමනයන් ඔස්සෙ ගැටලු නිරාකරණය කරන හෝම්ස් සහ දොස්තර වොට්සන්ගෙ චරිත එකල බ්‍රිතාන්‍යයේ පාඨකයන් පමණක් නොව ලොව පුරා පාඨකයන් ඉමහත් ආදරයෙන් වැළදගන්නෙ එම කතාවල ඇති රසවත් බව නිසාමය. සර් කොනන්ඩොයිල් විසින් ෂර්ලොක් හෝම්ස් සහ වොට්සන්ගෙ රහස් පරීක්ෂණ ජීවිතය ඇතුලත් කෙටි කතා 56 ක් සමගින් දීර්ඝ කතා 4 ක් නිර්මාණය කර ඇත.
මෙම කතා නිර්මාණ වල සාර්ථකත්වය හා අලෙවිය කෙසේද යත් කොනන්ඩොයිල් මිය යන කාලය වන විට ඔහු එංගලන්තයේ සිටි ධනවත්ම ලේඛකයා බව පැවසේ. මගේ පෞද්ගලික මතය නම් හැරී පෝටර් ට හා සමාන පරිසර තත්ව ෂර්ලොක් හෝම්ස් ට ලැබුනේ නම් කොනන්ඩොයිල් ලොව ධනවත්ම ලේඛකයා වීම කිසිවෙකුට වැලැක්වීමට හැකි නොවනු ඇත.
යම් දෙයක් සාර්ථක වූ විට එය අනුකරණයට ලක්වීම සාමාන්‍ය සංසිද්ධියකි. කොනන්ඩොයිල් ට සහ ෂර්ලොක් හෝම්ස් ට ද එම තත්වයට මුහුණ දීමට සිදුවන්නෙ කොනන්ඩොයිල් ජීවත්ව සිටින කාලයේදී සිටමය. කොනන්ඩොයිල් ගෙ ඇවෑමෙන් ඔහු විසින් ජීවය දුන් ෂර්ලොක් හෝම්ස් සහ වොට්සන් චරිත පමණක් නොව ස්කොට්ලන්ඩ්යාඩ් හි පොලිස් නිලධරයන් ගෙ චරිත පවා භාවිතා කරමින් විවිධාකාර නිර්මාණ බිහිවිය. කොනන්ඩොයිල් ගේ පුතාගේ සිට විවිධ රටවල ලේඛකයන් මේ වන තෙක් මෙම චරිත භාවිතා කොට නිර්මාණ සිදු කර ඇත. අද මෙන්ම හෙටත් එවැනි නිර්මාණ බිහිවනු ඇත.
" කොපි කල හැක, සම කල නොහැක" කොනන්ඩොයිල් ගෙ නිර්මාණ සම්බන්ධයෙන්ද මෙම කතාව ඉතාමත් නිවැරැදිය. කෙතරම් නිර්මාණ බිහිවුවත් කොනන්ඩොයිල් ඒ හැමටම වඩා අදටත් ඉදිරියෙන් සිටී. මෙලෙස සදහන් කිරීමෙ අදහස සාර්ථක නිර්මාණ නැති බව පැවසීම නොවේ. සාර්ථක නිර්මාණ විශාල ප්‍රමාණයක් පවතිනවා මෙන්ම ෂර්ලොක් චරිතය විනාශ කරන ලද කතාද අපට හමුවේ. කොනන්ඩොයිල් ගෙ කතා තුල නිරීක්ෂණය මගින් නිගමනයන් ට එළඹෙන ෂර්ලොක් හෝම්ස් වර්තමාන කතා වල පේන කියන්නෙකු හෝ විජ්ජාකාරයෙකු බවට පත්වන්නෙ කොනන්ඩොයිල් ගේ හැකියාව ඇති වෙනත් ලේඛකයකු තවමත් මෙලොව බිහිවී නැති නිසාය.
ෂර්ලොක් හෝම්ස් කතා ලංකාව තුල වැඩි වශයෙන් ප්‍රචලිත වන්නෙ චන්දන මෙන්ඩිස් මහතාගෙ පරිවර්තන හරහාය. The Hound Of Baskarville කතාව මුලින්ම රුදුරු බලුව ලෙස පරිවර්තනය වන අතර කේ.ජී කරුණාතිලක මහතා අතින් එය බැස්කවිල් දඩ බල්ලා ලෙස පරිවර්තනය කරනු ලබයි. චන්දන මෙන්ඩිස් මහතා එම කතාවම සුනඛ ශාපය ලෙසින් පරිවර්තනය කරමින් පාඨකයන් වෙත ඉදිරිපත් කරන අතර The Study In Scarlet (ලෝහිත පරීක්ෂණය) කතාවෙ අඩංගු ෂර්ලොක් සහ දොස්තර වොට්සන්ගෙ හමුවීම සුනඛ ශාපයට ඇතුලත් කරන්නෙ පාඨක පහසුව සදහාය. ඔහුගෙ පරිවර්තනයක් ලෙස ලෝහිත පරීක්ෂණය අප අතට පත් වන්නෙ ඊට සෑහෙන කලකට පසුවය. වර්තමානයෙදි සුනඛ ශාපය පොත වෙනුවට බැස්කවිල් රුදුරු බල්ලා නමින් පොත් නිකුත් වන්නෙ එම මුල් කොටස ලෝහිත පරීක්ෂණය පොත තුල අන්තර්ගත වීම නිසාය.
කොනන්ඩොයිල් විසින් රචිත ෂර්ලොක් හෝම්ස් දීර්ඝ කතා හතර
1) බැස්කවිල් රුදුරු බල්ලා
2) සිව් රහස් සලකුණ
3) බිහිසුණු නිම්නය
4) ලෝහිත පරීක්ෂණය
ලෙස චන්දන මහත්මා අතින් පරිවර්තනය වන අතර කෙටි කතා 56
5) මල ගිය ඇත්තෝ සාක්කි දෙති.
6) ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක
7) මහ රෑ ආ මාරයා
8 ) දියමන්ති ඔටුන්න
9) ඉන්ද්‍රනීල මාණික්‍යය
10) ලේ සලකුණ
11) ඔබෙන් සමුගනිමි
යන පොත් තුල ඇතුලත් වේ. ඔබෙන් සමුගනිමි පොතේ සදහන් වන පරිදි ෂර්ලොක් හෝම්ස් මී මැස්සන් ඇති කරමින් සසෙක්ස් හි වාසය කරන අතර ඔහු ඒ පිළිබද පොතක් ද රචනා කරනු ලබයි. එමගින් ෂර්ලොක් හෝම්ස් ගෙ වෘත්තීමය රහස් පරීක්ෂණ ජීවිතය අවසන් වේ. එනම් ඒ කොනන්ඩොයිල් විසින් රචිත චන්දන මෙන්ඩිස් මහතාගෙ පරිවර්තන වල අවසානයයි.
එය එලෙස සිදුවිය යුතු නමුත් සිදුවන්නෙ ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමකි. තම වෘත්තීය සදහා එංගලන්තයට යන චන්දන මෙන්ඩිස් මහතාට දොස්තර වොට්සන්ගෙ ලිපි ලේඛන අඩංගු පෙට්ටගම හමුවේ. ෂර්ලොක් හෝම්ස් ගෙ රහසිගත ගත ලිපිගොනු එලියට එන්නෙ ඉන් අනතුරුවය. චන්දන මෙන්ඩිස් මහතා විසින් "ෂර්ලොක් හෝම්ස් ආපසු එයි" පොත තුලින් ආරම්භ කරන රහසිගත ලිපිගොනු මාලාව 2017 වර්ෂයේදී නිකුත් කරන " මාරක සටන" තෙක් සම්පුර්ණ පොත් 19 කි. මෙම
රහසිගත ලිපි ගොනු මාලාව ෂර්ලොක් හෝම්ස් පාඨකයින්ට ඉතා වැදගත් වුවද ෂර්ලොක් ගෙ දක්ෂතා මෙම කතා තුලදී මොටවී ඇති අතර බොහෝ කතා වලදී ඔහු රහස් පරීක්ශකයෙකුට වඩා විජ්ජාකාරයෙකු බවට පත් කොට ඇත.
චෝදනාව චන්දන මෙන්ඩිස් මහතා වෙත ඉලක්ක වන්නෙ ඉන් අනතුරුවය. සමාජ ජාලා මාධ්‍ය තුල චන්දන මෙන්ඩිස් පතුරු හැරීමට පටන් ගන්නෙ ඔහු විසින් ෂර්ලොක් චරිතය විනාශ කරන කරන බවට එල්ල වන දරුණු චෝදනාවත් සමගය. රහසිගත ලිපිගොනු ලෙස ඉදිරිපත් වන්නෙ චන්දන මෙන්ඩිස් මහතාගෙ ස්වතන්ත්‍ර නිර්මාණ බව බොහෝදෙනෙකු විශ්වාස කරනු ලබයි. දරුණුම චෝදනාව මුදල් වෙනුවෙන් චන්දන මෙන්ඩිස් විසින් ෂර්ලොක් හෝම්ස් විනාශ කරන බවයි.
මෙය කෙතරම් දුරට සත්‍යයක් ද?
චන්දන මෙන්ඩිස් මහතාගෙ සරල භාශා විලාසයක් සහිත පරිවර්තන ශෛලිය ගැන කිසිවෙකුට සැකයක් තිබිය නොහැකි බව මගේ පෞද්ගලික මතයයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු විශිෂ්ටතම පරිවර්තකයෙකි. එහෙත් රහසිගත ලිපිගොනු තුල මුල් කෘති වල මෙන් රසය නොමැති වීමද සත්‍යයකි. ගැටලුව ඇත්තේ එතනය.
චන්දන මෙන්ඩිස් මහතාට පෙට්ටගම හමුවීමෙ කතාව එතුමාගෙ අපූරු ස්වතන්ත්‍ර නිර්මාණයකි. පටලැවිල්ල ආරම්භ වන්නෙ එතැන් පටන්ය. කොනන්ඩොයිල් ගේ රසය බලාපොරොත්තු වෙන් කියවන සමහර කතා තුල එය නොමැති වීම නිසා බොහෝ දෙනා මේවා චන්දන මෙන්ඩිස් මහතාගෙ ම නිර්මාණ බවට සැක ඇති කර ගනී. නමුත් එය යථාර්ථයම නොවේ. රහසිගත ලිපිගොනු ලියන්නෙ චන්දන මෙන්ඩිස් යයි පවසන අය නොදන්නා කරුණ නම් චන්දන මහතා විසින් රචිත ෂර්ලොක් කතා ඇත්තේ 3 ක් පමණක් බවයි. (පොත් 3ක් නොව කතා 3ක් පමණි)
1) රතුවත හැදි කත
2) ටාල්ටන් ත්‍රිත්ව මිනීමැරුම
3) සමර්සෙට් ඛේදවාචකය
සාපේක්ෂව ගත් කල මෙම කතා තුන රහසිගත ලිපි ගොනුතුල ඇති අනෙකුත් කතා සමගින් බලන කල ඉහල මට්ට්මක පවතින බව මගේ පෞද්ගලික අදහසයි.
අනෙකුත් සියළුම කතා ලෝකයේ විවිධ ලේඛකයන් විසින් නිර්මාණය කරන ලද ෂර්ලොක් හෝම්ස් කතා වල සිංහල පරිවර්තනයි. වරද ඇත්තේ එම මුල් නිර්මාණ වල රසය අඩුවීම මිස චන්දන මහතාගෙ පරිවර්තන දෝෂයකින් නොවේ.
මා දන්නා පරිදි මෙම කතා තෝරාගැනීමෙදී චන්දන මහතා විශේෂයෙන් සැලකිමත් වන්නෙ එය අප රටට සුදුසු බවට තහවුරු කර ගැනීමටයි. ෂර්ලොක් චරිතය විනාශ වන කතා කිසි විටෙක පරිවර්තනය සදහා භාවිතා නොකරන අතර තෝරාගන්නා කතාවල
ඇති නුසුදුසු තැන් ඔහු විසින් නැවත සකසනු ලබයි. අබිරහස් දොස්තර කතාවේ පවතින නොගැලපෙන නුසුදුසු යයි සැලකිය හැකි කොටස් නිසා එම කතාව නැවත් ගැලපෙන පරිදි නිර්මාණය කරන්නෙ එවැනි හේතුන් නිසාමය. පරිවර්තන ක්ෂේත්‍රයේ ඔහුගේ පළපුරුද්ද සමගින් ඔහු වඩා හොද දේ පාඨකයාට ලබා දීමට උත්සාහ කරයි.
රහසිගත ලිපිගොනු ලියන්නෙ චන්දන මෙන්ඩිස් බව සදහන් කරන අයට කිවයුත්තේ ඔබ ෂර්ලොක් හෝම්ස් අල්ලාගන්නෙ වැරදි පැත්තෙන් බවයි. බෝහෝවිට මෙම ගැටලුව පැන නගින්නෙ 90 දශකයේ ඉපදුන තරුණ තරුණියන්ට බව මගේ අදහසයි. 80 දශකයේ ඉපදුනු බොහෝ දෙනා මුල් කතා කියවා ඇති බැවින් ඔවුන්ට මෙම ගැටලුව පැන නගින්නෙ ඉතා අල්ප වශයෙනි. ඔබට දීමට ඇති එකම උපදෙස නම් රහසිගත ලිපිගොනු වලට පෙර මුල් කතා කියවා රසවිදින්න. එවිට ෂර්ලොක්/කොනන්ඩොයිල් සහ චන්දන මෙන්ඩිස් යනු කවුරුන්දැයි වටහාගැනීම වඩාත් පහසු වනු ඇත.
අවසාන වශයෙන් පැවසිය යුතු එක කරුණක් තිබේ. චන්දන මෙන්ඩිස් ෂර්ලොක් හෝම්ස් පරිවර්තනය නොකරන්නට ෂර්ලොක් ට සිදුවන්නෙ ලංකාව තුල හර්කියුල් පොයිරෝ ට අත්වූ ඉරණම මය.
ප.ලි
මෙම සටහන චන්දන මෙන්ඩිස්ට කඩේ යාමක් ලෙස සමහරුන් අර්ථ ගන්වනු ඇත. එය කඩේ යාමක් නම් එය මා කරන්නෙ ඉතාම ගෞරවයෙනි. ඒ මක්නිසාද යත් පොතක් අතින් වත් ඇල්ලීමට නොහිතන කුඩා කාලයේදී ම මා පොත් කියවීමට හුරු වීමට හේතුව චන්දන මෙන්ඩිස් මහතාගෙ සුනඛ ශාපය පොත වීමයි. ඒ ගෞරවය සැමදා ඔහුට හිමිවිය යුතුය.
Amila Mohan මහතා විසින් Facebook හී පොත් කියවන අය සමූහය තුළ පළ කළ පෝස්ටුවකින් උපුටා ගත්තකි.
ලිපිය වටිනවා කියලා හිතෙනවා නම් පහල තියෙන සමාජ ජාල වලින් තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ඒ වගේ ම පහළින් අපේ බ්ලොග් අඩවිය ෆලෝව් කරලා කමෙන්ට් එකකුත් දාන්න.
- 221 බී ෂර්ලොක් / 221 B Sherlock-
0 Comments